Home » ගාසා තීරයට පහර දීමෙන් නෙතන්යාහු වරදක් කළා

ගාසා තීරයට පහර දීමෙන් නෙතන්යාහු වරදක් කළා

අමෙරිකාවේ ජනාධිපති පළමුවරට කියයි

by sachintha
April 11, 2024 1:15 am 0 comment

ගාසා තීරයේ විනාශකාරී යුද්ධය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ වැරදි ප්‍රවේශයක් බව අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පළමුවරට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම නෙතන්යාහු පාලනය විවේචනය කළ අමෙරිකාවේ ජනාධිපතිවරයා මෙවැනි දැඩි ප්‍රකාශයක් සිදුකළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායලය වහාම ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතුව ඇතැයි ද බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

“මම හිතන්නේ ඔහු කරන්නේ වැරැද්දක්. ඔහුගේ මේ ප්‍රවේශයට මම එකඟ වෙන්නේ නෑ. මම ඊශ්‍රායලයට කියන්නේ සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙසයි. දින හයකට විරාමයක් දෙන්න. සති අටකට විරාමයක් දෙන්න. ගාසා තීරයට සියලු ආහාර හා වෛද්‍ය පහසුකම් ප්‍රවාහනය කරන්න ඉඩ දෙන්න කියලයි.” අමෙරිකාවේ ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගියදා ස්පාඤ්ඤ රූපවාහිනි නාලිකාවක් නෙතන්යාහුගේ යුද හැසිරීම සම්බන්ධව බයිඩ්න්ගෙන් විමසා සිටි අවස්ථාවේදී බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT