214
උතුරු ඉතාලියේ බොලොග්නා නුවර ආසන්නයේ පිහිටි ජලවිදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් පුද්ගලයන් සිව්දෙනකු අතුරුදන් වී ඇතැයි ද වාර්තා වේ. පසුගිය අඟහරුවාදා පස්වරුවේ පිපිරීම සිදු වී ඇති අතර, පිපිරීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් තිදෙනකු රෝහල් ගත කර ඇත. පිපිරීමත් සමඟ විශාල ගින්නක් ද හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව දැඩි උත්සාහයකින් පසු ගින්න පාලනය කිරීමට සමත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.