ග්‍රීසිය සහ ඉන්දියාව අතර ඓතිහාසික හමුදා සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ග්‍රීක හමුදාවේ ප්‍රධානියා වන ජෙනරාල් දිමිත්‍රියොස් හෝපිස්ගේ ඉන්දීය සංචාරය අතරතුර එම ගිවිසුමට අත්සන් තැබීම සිදුවන අතර, ජෙනරාල්වරයා ලබන සතියේදී ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම හමුදා සහයෝගිතා ගිවිසුම ඉන්දියාව සහ ග්‍රීසිය අතර මෑත ඉතිහාසයේ සිදු වන පළමු ගිවිසුම වන අතර, යුද, නාවික හා ගුවන් හමුදා මෙන්ම විශේෂ කාර්ය බළකා සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ ක්‍රියාකාරකම් එම ගිවිසුමට ඇතුළත් වී ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු ග්‍රීසියේ හමුදා බළකායක් ඉන්දියාවේදී ජාතික මට්ටමේ ක්‍රියාකාරකම් සඳහා සහභාගි වීමට නියමිත අතර, දෙරටේ හමුදා සාමාජිකයන් හුවමාරු කරගැනීම සහ තොරතුරු, උසස් තාක්ෂණය නවීන උපාය මාර්ග ඇතුළු තවත් කරුණු රැසක් ගිවිසුමට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.