Home » ඇෆ්ගන් සරණාගතයන් පිටුවහල් කිරීමේ පාකිස්තාන තීරණයට ජාත්‍යන්තර විරෝධය

ඇෆ්ගන් සරණාගතයන් පිටුවහල් කිරීමේ පාකිස්තාන තීරණයට ජාත්‍යන්තර විරෝධය

by sachintha
April 11, 2024 1:22 am 0 comment

ඇෆ්ගනිස්තාන සරණාගතයන් නීති විරෝධී ලෙස පිටුවහල් නොකරන ලෙසට සිදු කරන ජාත්‍යන්තර ඉල්ලීම්වලට පාකිස්තාන රජය අවනත විය යුතු බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ සරණාගතයන් සහ සංක්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ නියෝජිත ජේම්ස් ජෙනියොන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේ තවදුරටත් රැඳී සිටින ඇෆ්ගනිස්තාන සරණාගතයන් ඊදුල් ෆිත්ර් රමලාන් උත්සවයෙන් පසු පිටුවහල් කිරීම නව රජය සැලසුම් කිරීමට ප්‍රතිචාර දක්වමින් ජේම්ස් ජෙනියොන් මේ නිවේදනය නිකුත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන සරණාගතයන් තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානයට නැවත පිටුවහල් කිරීමෙන් ඔවුන්ට බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මානුෂීය ව්‍යසනයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද, පාකිස්තාන රජය එය නොසලකා හැරීම බරපතළ ක්‍රියාවක් වනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ. පාකිස්තානයේ රැඳී සිටින ඇෆ්ගනිස්තාන සරණාගතයන් නීතිවිරෝධී විදේශිකයන් ලෙස ලේබල් ගත කර රාමලාන් මාසයෙන් පසු නැවත ඇෆ්ගනිස්තානයට පිටුවහල් කිරිම පාකිස්තාන රජයේ තීරණය වී ඇතැයි ද, එම සරණාගතයන් අතර කාන්තාවන්, තරුණියන්, කුඩා දරුවන් සහ මාධ්‍යවේදින් ද සිටින බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT