ඉදිරි ජනාධිපතිවරණයට කිසිම හේතුවක් මත දෙමළ ජාතික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ. ශිවඥානම් මහතා පෙරේදා (09) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ යාපනයේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“උතුරේ සහ නැඟෙනහිර විවිධ දෙමළ දේශපාලන පක්ෂ විසින් දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට විශාල හඬක් නඟනවා. ඒ වෙනුවෙන් විශාල ඉල්ලුමක් ද පවතිනවා. බොහෝ දෙමළ දේශපාලන පක්ෂ දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා ගැන නම් සහ විස්තර ද පක්ෂය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඇතැමුන් ඒ සම්බන්ධයෙන් දෙමළ මාධ්‍ය වෙත අදහස් ද ප්‍රකාශ කර තිබෙනවා. ඒ කවර ඉල්ලීමක් ඉදිරිපත් වුවත් මීළඟ ජනාධිපතිවරණයට කිසිම දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ අතර ප්‍රධානතම පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය තීරණය කර නෑ.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ