දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන ‘අලිවත්තේ කුයියා’ හෙරොයින් ග්‍රෑම් දහ හතරක් , කඩු දෙකක් හා මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමඟ (09) අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ
මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුව මේ වැටලීම සිදුකෙරිණි.
ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 500 තිබී හමුවූ බව පැවසේ.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන වැල්ලේ සාරංග නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මොහුගේ නිවස පිටුපස වළක් කපා භූ ගතව සඟවා තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් සොයා ගැනීමට හැකිව තිබේ.
මොහු වැල්ලේ සාරංග නමැත්තාගේ උපදෙස් මත විවිධ අපරාධවලට සම්බන්ධ වූ අයකු බවත් මනුෂ්‍ය ඝාතන දෙකක් සඳහා සෘජුවම සම්බන්ධ වූ අයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.
ඒ අනුව තවදුරටත් විමර්ශනය කිරීමේදී මොහු ‘අලිවත්තේ නානා’ ඉකුත් 2023 වසරේදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවත් 2022 වසරේ ‘අලිවත්තේ හසිත’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වූ දා ඔත්තු බලා ඇත්තේ මොහු බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණවල නඩු ක්‍රියාත්මක බවත් පැවසේ.
සැකකරු ජීව අත්බෝම්බය සහ කඩු දෙක සන්තකයේ තබාගෙන ඇත්තේ වැල්ලේ සාරංග නමැත්තාගේ උපදෙස් මත තවත් අපරාධයක් කිරීමේ අපේක්ෂාවෙන් බවට පොලිසිය සැක කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 මට්ටක්කුලිය අලිවත්ත කැලණි ගඟ මෝල පාරේ පදිංචි Òඅලිවත්තේ කුයියා (37) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසිරි මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී දයානන්ද මහතාගේ නියෝග මත, මට්ටක්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පො.සැ (12104) කැළුම්, පො.කො (25046) ඉලංගකෝන් මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදු කර ඉදිරි පරීක්ෂණ පවත්වති.
කොට්ටාව ප්‍රදීප් කුමාර සහ විමල් ජයසිංහ