ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් ඉහළින් සමරන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සැමට සිය සුබපැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියා තානාපති කාලිඩ් හාමඩ් අල් කටානි මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලාංකේය ජනතාවට තම අවංක සුබපැතුම් පිරිනමන තානාපතිවරයා ඊදුන් ෆිතර් දිනය සමාව, කරුණාව සහ අනුකම්පාවට දිනයක් බව ද මේ ගුණාංග ඉස්ලාම් ආගමේ හරය බව ද පෙන්වා දෙයි. ඊද් යනු මේ දිනය ප්‍රීතියෙන් සමරන දිනයක් බව සඳහන් කරන තානාපතිවරයා සියලු අසල්වාසීන්, ඥාතීන් සහ මිතුරන් සමඟ සාමයෙන් ගත කරන දිනයක් බව ද කියා සිටියි. මේ සුබ අවස්ථාවට ඥාති සබඳතා, සාමයේ බැඳීම් පුනර්ජීවනය කිරීමට සහ එකිනෙකා කෙරෙහි ඉවසීම සහ අනුකම්පාව විදහා දැක්වීමට අවස්ථාවක් උදා වී තිබෙන අතර මේ විශේෂ දිනයේ සැමට සාමය, සතුට, සෞභාග්‍යය ලැබේවායි ඒ මහතා ප්‍රාර්ථනා කරයි.
මහින්ද අලුත්ගෙදර