මැලේසියා අධිකරණ හමුවේ නඩු පවතින ශ්‍රී ලංකිකයන්ට නීතිමය සහාය ලබාදීම සඳහා විශේෂඥයන් දෙදෙනෙකු පත් කිරීමට මැලේසියානු නීතිපති ඩාටුක් අහමඩ් ටෙරිරුඩින් බින් මොහොමඩ් සැලේ මහතා පියවර ගෙන තිබේ.මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා එරට නීතිපතිවරයා හමුවී තිබෙන අතර එරට නීතිපති දෙපාර්තමේන්තුවේ දී මේ හමුව පැවැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙන අතර මේ හමුවේ දී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ මැලේසියාවේ නීතිපතිවරයා දෙරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් අතර සහයෝගීතාව ඉහළ නැංවීමට ඇති කැපවීම යළිත් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සාපරාධී කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට එකඟ වූ අතර එය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර අපරාධ විසඳීම අරමුණු කරගෙන ඇත.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක මොහොමඩ් රිස්වි මහතා සහ මැලේසියාවේ නීතිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මේ හමුවට එක්ව ඇත.
මහින්ද අලුත්ගෙදර