Home » පොහොට්ටුව බිම් මට්ටමින් ශක්තිමත් කිරීමට කැපවෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

පොහොට්ටුව බිම් මට්ටමින් ශක්තිමත් කිරීමට කැපවෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
April 11, 2024 1:17 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (10) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. එහි පළමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් තංගල්ල ආසනයෙන් එය ආරම්භ කළ බවත් හෙතෙම කීවේය. ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්ෂය ශක්තිමත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා අවශ්‍ය සැලසුම් රැසක් සකස් කර ඇති බව කියා සිටියේය. පොදුජන පෙරමුණ මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබා දෙන බව ද ඒ මහතා පැවසීය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT