Home » හොර සිගරැට් සමඟ අයෙක් දැලේ හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

හොර සිගරැට් සමඟ අයෙක් දැලේ හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

by sachintha
April 11, 2024 1:00 am 0 comment

තීරු බදු ගෙවීම මඟහරිමින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන විදේශීය සිගරැට් 144ක් සමඟ පුද්ගලයෙකු පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් මඩොල්සීම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ Manchester වර්ගයට අයත් අදාළ සිගරට් තොගය මඩොල්සිම නගරයේ මත්පැන්හලක් ආසන්නයේදී අලෙවි කිරීම පිණිස තබාගෙන සිටි බව කියන ලුණුගල ගෝල්ඩන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට මේ පිළිබඳව ලැබුණු තොරතුරක් මත එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ මඩොල්සිම පොලිසිය වෙත භාරදී ඇති අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT