Sunday, May 11, 2025
Home » හාලිඇළ වෙ‍ෙළඳසල් හදිසියේ පරීක්ෂාවට වෙළෙඳුන්ට දැඩි අවවාද

හාලිඇළ වෙ‍ෙළඳසල් හදිසියේ පරීක්ෂාවට වෙළෙඳුන්ට දැඩි අවවාද

by sachintha
April 11, 2024 1:01 am 0 comment

සිංහල අලුත් අවුරුදු හා රාමසාන් උත්සව සමයේදී පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම උදෙසා හාළිඇළ නගරයේ වෙළෙඳ සැල් පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක් හාලිඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පෙරේදා (9) සිදු කෙරිණි.

එහිදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, සෞඛ්‍යාරක්ෂිතව ආහාර ගබඩා නොකිරීම සහ ආහාර වර්ග ඇසිරීමේදී හා ලේබල් කිරීමේදී සිදු කෙරෙන වැරදි ඇතුළුව ආහාර පරිහරණයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස කෙරෙන කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් පරීක්ෂා කරනු ලැබීය.

හාලිඇළ

ස.තො.ස. අලෙවිසැල ඇතුළුව නගරයේ ප්‍රධාන පෙලේ අලෙවිසැල් රැසක් මෙහිදී පරීක්ෂාවට ලක්කෙරුණු අතර හාලිඇළ, කැටවල හා නෙළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ආර්. එම්. ටී. පී. විජේසෝම, ඩී. එම්. ඒ. ආර්. දිසානායක හා ආර්. එච්. ජේ. එම්. රොෂාන් විතාන යන මහත්වරුන් විසින් මෙම පරීක්ෂා කිරීම් සිදු කෙරිණි.

ආහාර පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් එහිදී වෙළෙඳ සැල් හිමියන් රැසකට අවවාද කෙරුණු අතර කල් ඉකුත්වන දිනය සඳහන් නොමැති ලේබල් සහිත ඇසුරුම්වල ආහාර හා ලේබල් නොමැති ඇසුරුම්වල අඩංගු ආහාර අලෙවි කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් ආහාර ගබඩා කිරීම සම්බන්ධයෙන් වෙ‍ෙළඳසැල් හිමියෙකුට එරෙහිව නඩු පැවරීමකටද අදාළ නිලධාරීහු පියවර ගත්හ.

හාළිඇල සමූහ – ආර්. එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT