Home » පළමු ඉනිම ජය ගත් රිච්මන්ඩ් ශූරතාව දිනයි
19න් පහළ පළමු කොටසේ ටියර් ‘ඒ’

පළමු ඉනිම ජය ගත් රිච්මන්ඩ් ශූරතාව දිනයි

by sachintha
April 11, 2024 1:12 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කළ අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල ඊයේ සමත් විය.

පසුගිය වර සම ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විදුහල සමඟින් තුන්දින තරගයක් ලෙස කොළඹ එස්එස්සී පිටියේ පැවති මේ අවසන් තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර, පළමු ඉනිමේ ජය හිමි කර ගැනීම හේතුවෙන් රිච්මන්ඩ් විදුහලට ශූරතාව හිමි විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම ලකුණු 203කට සීමා කළ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 304ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 101ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ත්‍රිත්ව පිල කඩුලු 9ක් දැවී ලකුණු 254ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවූ අතර, ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 154ක ඉලක්කය හඹාගිය රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තරගය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 36ක් රැස් කර තිබිණි.

රිච්මන්ඩ් පළමු ඉනිම වෙනුවෙන් අගනා ශතකයක් රැස් කිරීමට නිකිල් ජයවීර සමත් වූයේ පන්දු 235කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 139ක් රැස් කරමිනි. ත්‍රිත්ව දෙවැනි ඉනිමේදි ලකුණු 96ක් රැස් කිරීමට සුපුන් වඩුගේ සමත් වූ අතර, පන්දු 189ක් වැය වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් විය.

ත්‍රිත්ව පළමු ඉනිම – 203 (ඕවර 89.5) දිමන්ත මහවිතාන 54, සුපුන් වඩුගේ 40, විදුක ධම්මගේ 31 (ෂෙරෝන් අභිෂේක් 71/4, සිහත් රාමනායක 38/3, කවීෂ ඉඳුවර 46/) සහ දෙවැනි ඉනිම – 254/9 (ඕවර 99.2) සුපුන් වඩුගේ 96, තරණ විමලධර්ම 57, මනුල කුලරත්න 23, දිනූෂ පීරිස් 20 (යූරි කොත්තිගොඩ 31/2, කවීෂ ඉඳුවර 49/2, සිහත් රාමනායක 66/2, ෂැරෝන් අභීෂේක් 68/2)

රිච්මන්ඩ් පළමු ඉනිම – 304 (ඕවර 89.1) නිකිල් ජයවීර 139, ෂෙහාන් ද සොයිසා 50, සෙනෙත් සිසාන් 39, චෙහාන් සුබසිංහ 31 (තරණ විමලධර්ම 82/4, සුපුන් වඩුගේ 16/2) සහ දෙවැනි ඉනිම – 36/1 (ඕවර 11.2)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT