451
අලුත් අවුරුද්ද එළඹෙන්න තවත් ඇත්තේ දවසක කාලයකි. තම මවුපියන් හා අඹුදරුවන් සමඟ අවුරුද්ද ගත කරන්නට ගම් බිම් බලා යනු පිණිස පිටකොටුවට පැමිණි මහ ජනතාව මේ අවසන් මොහොතේත් සිය ආදරණීයයන්ට තිළිණ කරන්නට ඇඳුමක් පැලඳුමක් තෝරාගන්නට දක්වන උනන්දුව ලේක්හවුස් කැමරා ඇසෙහි සටහන් වූයේ මෙලෙසිනි. ඡායාරූපය – වාසිත පටබැඳිගේ