Saturday, May 10, 2025
Home » අලුත් අවුරුද්දේ නීතී කඩන බස් රියදුරන්ට දැඩි පියවර

අලුත් අවුරුද්දේ නීතී කඩන බස් රියදුරන්ට දැඩි පියවර

by chanaka
April 13, 2024 4:39 pm 0 comment

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

එසේම අනාරක්ෂිත හා නොසැලකිලිමත් බස් රථ ධාවනයෙන් යම් අයෙක් පීඩාවට පත්වන්නේ නම් දැනුම් දෙන ලෙසද සදහන් කෙරේ.

මෙම ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන පැමිණිලි සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට නිලධාරීන් යොදවා ඇති බවද ඇය සඳහන් කළාය.

මීට අමතරව info@ntc.gov.lk ඊ මේල් ලිපිනයට සහ 0112 503725, 0112 058138 ෆැක්ස් අංකවලට ද මෙවැනි තොරතුරු ලබා දිය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT