කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනකු මත්පැන් පානය කර සිය පුද්ගලික යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පෙරේදා (14) කානුවකට වැටීමෙන් තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කැර තිබේ.
කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු තමන්ගේ පුද්ගලික යතුරුපැදියෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සමඟ යමින් සිටියදී ගල්කැටියාව පලාතොට ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි වාහනයක ප්‍රධාන පහන්වල ආලෝකය අඩු නොකිරීම හේතුවෙන් යතුරුපැදිය මාර්ගය අයිනට ගැනීමට යෑමෙන් යතුරුපැදිය කානුවකට ඇද වැටී දෙදෙනාම තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කැර තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනාම මත්පැන් පානය කර සිට ඇති බවත් යතුරුපැදිය හිමි, යතුරුපැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා තනිකඩ භට නිවාසයෙන් රාත්‍රී කාලයේ අනවසරයෙන් පිටව ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කළුතර දකුණ පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත