මාතලේ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු පෙරේදා (14) නිවාඩු ලබා කටුගස්තොට ප්‍රදේශයේ නිවෙසට පැමිණ සිටියදී ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුකළ පහරදීමකින් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කැර තිබේ.
මෙම පොලිස් සැරයන්වරයා නිවාඩු ලබා කටුගස්තොට, කැකුණවත්ත, ගලමුදුන ප්‍රදේශයේ නිවෙසට පැමිණ සිටියදී නිවස අසල පදිංචි පිරිසක් සමඟ ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පොලිස් නිලධාරියාට පොලුවලින් හා සවලකින් පහරදීම හේතුවෙන් නිලධාරියා සහ නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර රෝහල වෙත ඇතුළත් කැර තිබේ.
පහරදීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය හේතුවෙන් සැකකරුවන්ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානය විමර්ශන සිදුකරයි.
රක්ෂණ ශ්‍රියන්ත