Home » අපද්‍රව්‍ය ඉවත් කරමින් සිටි පිරිසකට පහරදුන් වාද්දුව පොලිසියේ කොස්තාපල්ට ශරීර ඇප

අපද්‍රව්‍ය ඉවත් කරමින් සිටි පිරිසකට පහරදුන් වාද්දුව පොලිසියේ කොස්තාපල්ට ශරීර ඇප

by sachintha
April 16, 2024 12:44 am 0 comment

හතරලියද්ද බෝගස්හින්න ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකින් පසුව එහි තිබූ සැරසිලි සහ අපද්‍රව්‍ය ඉවත් කරමින් සිටි පිරිසකට පහරදුන් වාද්දුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (14) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 200000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

වාද්දුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටියදී හතරලියද්ද බෝගස්හින්න ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අවසන්ව සැරසිලි ඉවත් කරමින් සිටි පිරිසකට මෙම පොලිස් නිලධාරියා ඇතුළු 25 දෙනෙකුගෙන් පමණ පිරිසක් පොලුවලින් සහ ගල්වලින් ගසා තුවාල සිදුකර ඇති බව හතරලියද්ද පොලිසිය පවසයි.

මෙම පහරදීමෙන් කාන්තාවක් සහ පිරිමි අයවලුන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT