509
ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ සම්මුඛ පරීක්ෂණ 2024 අප්‍රේල් 29 සිට මැයි 09 දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, ඒ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.