Home » ඔස්ට්‍රේලියාවේ cooma හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අලුත් අවුරුද්ද සමරමින්…

ඔස්ට්‍රේලියාවේ cooma හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අලුත් අවුරුද්ද සමරමින්…

by sachintha
April 23, 2024 1:32 am 0 comment

බතික් ඇඳුමින් හැඩ ගැන්වූ ඔස්ට්‍රේලියාවේ සුන්දර Cooma හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් එක්ව දෙවෙනි වරටත් අලුත් අවුරුදු උදාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබිණි.

Snowy 2.0 ව්‍යාපෘතිය නිසා මෙහි සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික පවුල් 40ක් සහ Snowy 1 ව්‍යාපෘතිය හරහා මෙහි සංක්‍රමණය වූ පවුල් කිහිපයක් ද මේ අවුරුදු උදාව සැමරූහ.

මේ වර්ණවත් බක්මහ සැණකෙළිය ශ්‍රී ලාංකික කෑම සහ ජන ක්‍රීඩාවලින් අලංකාර වූ අතර, මේ සඳහා ඔස්ට්‍රේලියානු සහෘදයන් මෙන්ම අනෙකුත් රටවල හිතමිතුරන් සහභාගී විය. මෙහිදී පොඩිත්තන්ටම වෙන් වූ බනිස් කෑම, බැලුන් පිපිරවීම, කණාමුට්ටි ඇතුළු ජන ක්‍රීඩා රැසක් ද පැවැත්විණි.

මේ සැණකෙළියට Cooma Multicultural Centerහි Yvi Henderson සවියක් විය. මෙහි සංවිධාන කටයුතු උදය ලියනගේ මහතා ඇතුළු සහෘද පවුර Coomaවලට ගෙන දුන් ශ්‍රී ලාංකික අනන්‍යතාව මේ අවුරුදු සැණකෙළිය පුරා දක්නට ලැබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT