අමෙරිකාවේ TikTok තහනම් කළ හැකි ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබේ.
මෙම පනත මගින් TikTok හි හිමිකරු වන බයිට් ඩාන්ස් (ByteDance) සමාගමට එහි කොටස් විකිණීමට මාස නවයක කාලයක් ලබා දෙන අතර එසේ නොකළ හොත් TikTok යෙදුම එක්සත් ජනපදයේ අවහිර කෙරෙනු ඇත.
එයට නීති සම්පාදකයින්ගෙන් පුලුල් සහයෝගයක් ලැබුණු අතර සෙනෙට් සභිකයින් 79 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර 18 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
සෙනෙට් සභාව අනුමත කළ පනත ජනාධිපති ජෝ බයිඩ්න් වෙත භාර දෙන අතර ඔහු එය ලැබුණු වහාම අත්සන් කරන බව පවසා ඇත.
යුක්රේනය, ඊශ්‍රායලය, තායිවානය සහ ඉන්දු පැසිෆික් කලාපයේ අනෙකුත් එක්සත් ජනපද හවුල්කරුවන් සඳහා මිලිටරි ආධාර ද ඇතුළත් පනත් හතරක කොටසක් ලෙස මෙම ටික්ටොක් තහනම සෙනෙට් සභාවේ සම්මත වී ඇතැයි සඳහන්වේ.
පසුගිය සතියේ ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගම කියා සිටියේ මෙම පනත ඇමරිකානුවන් මිලියන 170කගේ නිදහස් කථන අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.
එමෙන්ම එමගින් ව්‍යාපාර මිලියන හතක් විනාශ කරන අතර වාර්ෂිකව එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් බිලියන 24ක් හිමිවන වේදිකාවක් වසා දැමෙන බව ද ඔවුන් සඳහන් කර තිබුණි.