Sunday, May 18, 2025
Home » චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර නියෝජ්‍ය ඇමැතිනිය ශ්‍රී ලංකාවට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර නියෝජ්‍ය ඇමැතිනිය ශ්‍රී ලංකාවට

by sachintha
April 24, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා – චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය ඇමැතිනි සුන් හයියන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (23) මෙරටට පැමිණි ඒ මහත්මිය සිය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළපෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රජයේ ඉහළපෙළේ නියෝජිතයන් සමඟ සුන් හයියන් මහත්මිය පවත්වන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහ චීනයට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව තිබෙන අතර ඊට අමතරව දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්වී-පාර්ශ්වික කරුණු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT