Sunday, May 18, 2025
Home » නල්ලතන්නිය පාරේ ආ ශ්‍රී පාද වන්දනාකරුවන් නොදිරන අපද්‍රව්‍ය ටොන් 25ක් දමා ගිහින්

නල්ලතන්නිය පාරේ ආ ශ්‍රී පාද වන්දනාකරුවන් නොදිරන අපද්‍රව්‍ය ටොන් 25ක් දමා ගිහින්

by sachintha
April 24, 2024 1:00 am 0 comment

ටොන් 3ක ප්ලාස්ටික් බෝතල් ඒ අතර

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයට දේශීය වන්දනාකරුවන් විසින් දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් 25ක් බැහැර කර ඇති බවත් ඒ අතර ප්ලාස්ටික් බෝතල් ටොන් 3ක් ඇති බවත් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරිනී රසිකා සමරනායක මහත්මිය කියා සිටියාය.

ඇය පැවැසුවේ මෙවර (2023/2024) ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී ගෙවුණු මාස 5ක කාලය තුළදී පමණක් නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයෙන් වන්දනාව සඳහා පැමිණි සංචාරකයන් මෙතරම් අපද්‍රව්‍ය තොගයක් බැහැර කර ඇති බවයි. පුරා මාස 6ක කාලයක් අඛණ්ඩව පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ හා නල්ලතන්නිය නගරයේ ගොඩගැසෙන දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඇතුළු කැළිකසළ රැස් කර ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ මස්කෙළිය ප්‍රාදේශීය සභාව යටතේ ඇති පරිසර ඒකකය මඟිනි. මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ 2023 දෙසැම්බර් මාසයේ සිට සති අන්තයේදී මෙන්ම සතියේ දිනවලදී ද වෙනත් වසරවලට වඩා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණීම හේතුවෙන් බැහැර කර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍ය හා කැළිකසළ ප්‍රමාණය අධික බව පරිසර නිලධාරිනිය වැඩිදුරටත් පැවැසුවාය.

ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් යොදා මෙම කැළිකසළ එක්රැස් කිරීමෙන් අනතුරුව මස්කෙළිය, රිකාටන් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යෑම සිදු කරයි.

 

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT