Sunday, May 18, 2025
Home » හික්කඩුව මුහුදේ දියවැලකට හසු වුණු යුක්රේන තරුණිය බේරාගනී

හික්කඩුව මුහුදේ දියවැලකට හසු වුණු යුක්රේන තරුණිය බේරාගනී

by sachintha
April 24, 2024 1:00 am 0 comment

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි යුක්රේන ජාතික කාන්තාවක් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් ඇය බේරා ගනු ලැබූ බව හික්කඩුව පොලිස් ජීවිත ආරක්ෂකක ඒකකය පැවසීය.

ඇය පෙරේදා (22) හික්කඩුව මුහුදු තීරයේ තම සැමියා සමඟ දිය නාමින් සිටියදී හදිසියේම දිය වැලකට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකය දැනුම්වත් කිරීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සහ වෙරළාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව ඇයව බේරා ගැනීමට කටයුතු කර තිබිණ. අනතුරුව තරුණිය ආරච්චිකන්ද රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබිණ.

කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT