Home » සජබ විපක්ෂයේ සිට කරන අවසන් මැයි රැලිය මෙවර පවත්වනවා

සජබ විපක්ෂයේ සිට කරන අවසන් මැයි රැලිය මෙවර පවත්වනවා

by sachintha
April 24, 2024 1:00 am 0 comment

සමගි ජනබලවේගය විපක්ෂයේ සිට සිදු කරන අවසාන මැදි දිනය බවට මෙවර මැයි දිනය පත් කරගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

හිටපු මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය 21 වැනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රිවරයා මෙලෙස ද කීවේය.

“සමගි ජනබලවේගයට රට ගොඩනැඟීමට හැකි වැඩපිළිවෙළක්, ආර්ථික දැක්මක් තිබෙන බව ආණ්ඩුවත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තේරුම් ගෙන තිබෙනවා. සමගි ජනබලවේගයේ මෙවර මැයි දිනය ඉතිහාසයේ වැඩිම ජනතාවක් පැමිණි මැයි දිනය බවට පත්කිරීමට කටයුතු කරනවා.

සමගි ජනබලවේගය විපක්ෂයේ සිට සිදු කරන අවසාන මැදි දිනය බවට මෙවර මැයි දිනය පත් කර ගන්න සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. සමගි ජනබලවේගය විසින් පවත්වන මැයි දින රැලියට සමගි ජනබලවේගය නියෝජනය කරන ක්‍රියාකාරීන්, පාක්ෂිකයන්, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන, සමගි ජනසන්ධානය සමඟ කටයුතු කරන දේශපාලන පක්ෂ එකතු කරගෙන විශාල ජන ගඟක් කොළඹට ගෙන්වන්න සමගි ජනබලවේගය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් හරහා ලක්ෂයටකට අධික ජනතාවක් කොළඹට ඒකරාශි කරන්න අවශ්‍ය යන්ත්‍රණය මේ වන විට සකස් කරගෙන යනවා. සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා ඇතුළු පක්ෂයේ සියලු දෙනා මේ සඳහා වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

රටේ ඊළඟ ආණ්ඩුව හදන පක්ෂය ලෙසත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙසත් සමගි ජනබලවේගය කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන මැයි දිනය පවත්වන්න සැලසුම් කරන විට ආණ්ඩුව සමගි ජනබලවේගය සංවිධානය කරන මැයි දින රැලිය කඩාකප්පල් කරන්න වැඩපිළිවෙළක් අනුගමනය කරන බවක් පෙනෙන්න තිබෙනවා.

සමගි ජනබලවේගයට පාරවල් ගන්න නගර සභාවේ අවසර ඕනෙ. ජනතා විමුක්ති පෙරමුණට පාරවල් ගන්න නගර සභාවේ අවසරය අවශ්‍ය නෑ. වික්‍රමසිංහලා, අනුර කුමාරලා , රාජපක්ෂලා එකතු වෙලා සජබය මර්දනය කරන්න, සමගි ජනබලවේගයේ මැයි දිනය කඩාකප්පල් කරන්න මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT