Thursday, May 15, 2025
Home » රටට අවශ්‍ය කයිය නායකයෝ නොවෙයි මැයි මාසෙ විවාද දෙකටම අප සූදානම්

රටට අවශ්‍ය කයිය නායකයෝ නොවෙයි මැයි මාසෙ විවාද දෙකටම අප සූදානම්

by sachintha
April 24, 2024 2:36 am 0 comment

රටට අවශ්‍ය කයිය නායකයෝ නොව වැඩ කරන නායකයෝ බවත් නලින් බණ්ඩාර මහතා විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් ⁣සහෝදරවරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බැවින් මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සජබ සූදානම් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා අභියෝග දෙකම භාර ගන්නා බවත් නිවටයෝ ලෙස පැන නොයන බවත් අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ ඊයේ (23) හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආර්ථික විශේෂඥයන් අතර විවාදය බැහැ කියන්නේ ඔවුන්ගේ ආර්ථික විශේෂඥයන්ට වැඩ බැරි නිසා ද කියා ගැටලුවක් පවතින බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි. එම නිසා ලිපි හරඹ නොකර මැයි මාසයේ විවාද දෙකම කිරීමට එන ලෙසත් වාද විවාද පවත්වනවා සේම ඊට පෙර කයිය වගේම වැඩක් කර පෙන්වන ලෙස යෝජනා කරන බව ද ඔහු පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT