Saturday, May 17, 2025
Home » සිලාවතුරේ එල්ටීටීඊයෙන් වැළලූ රන් හා මුදල් සොයා කැණීම් කරලා

සිලාවතුරේ එල්ටීටීඊයෙන් වැළලූ රන් හා මුදල් සොයා කැණීම් කරලා

by sachintha
April 24, 2024 1:00 am 0 comment

නාවික සෙබළකු-සැරයන්වරයකු ඇතුළු 4ක් දැලේ

මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ එල්ටීටීඊ සාමාජිකයන් විසින් වළ දමන ලද මුදල් හා රත්රන් තොගයක් සොයමින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු සිලාවතුර පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් හතර දෙනාගෙන් එක් අයකු නාවික හමුදා සෙබළකු වන අතර තවත් පුද්ගලයකු පොලිස් සැරයන්වරයෙකි. ඔවුන් මේ වන විටත් සේවයේ යෙදී සිටින දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් ඉතිරි දෙදෙනා රියැදුරකු හා කැණීම් කිරීම සඳහා රැගෙන ආ කම්කරුවෙකි. පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් එහි යන විට පොලිසිය ආසන්නයේ ස්ථානයක එම පිරිස වළවල් හාරමින් සිටියදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පැමිණි වාහනය ද කැණීම් සිදුකිරීමට භාවිත කළ උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර, සැකකරුවන් හතර දෙනා හා එම භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බාර දී තිබේ. මන්නාරම පොලිසිය සැකකරුවන් මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

 

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT