Home » බිලියන 126.1ක් වැය කර කොළඹ දිසාවේ තෝරාගත් පවුල් ලක්ෂ අසූතුන් දහසකට සහල් බෙදා දීමට පියවර

බිලියන 126.1ක් වැය කර කොළඹ දිසාවේ තෝරාගත් පවුල් ලක්ෂ අසූතුන් දහසකට සහල් බෙදා දීමට පියවර

by sachintha
April 24, 2024 2:46 am 0 comment

 

පවුල් ලක්ෂ තිස් නවයකට සහල් බෙදා දීම සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 126.1ක් වැය කර ඇත.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තෝරාගත් පවුල් එක් ලක්ෂ අසූතුන් දහසකට මෙම ප්‍රතිලාභය හිමි වන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ඒ. විජේසිරි මහතා පැවැසීය. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ අස්වැසුම ප්‍රතිලාභීන්, වකුගඩු දීමනාලාභීන්, ආබාධිත ආධාරලාභීන්, සමෘද්ධිලාභීන්, වැඩිහිටි දීමනා ලාභීන් හා අනෙකුත් රෝග සඳහා දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් ලබා තිබෙන බව ඒ මහතා පැවැසීය.

ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබා දීමේ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහන මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) පැවැත්වුණු අතර එහිදී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කෙළේය.

කොළඹ නගරයේ ජනතාවටත්, දරුවන්ටත් විශ්වාසවන්තව ජීවත්විය හැකි අනාගතයක් ගො‍නැංවීම සඳහා අවැසි පරිසරය සකසන බවත්, එහි පළමු පියවර ලෙස ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැඩසටහන් අපි ආරම්භ කොට තිබෙන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මෙහිදී කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ද අදහස් දැක් වූ අතර මේ අවස්ථාවට රාමඤ්ඤ මහානිකායේ අනුනායක, ශ්‍රී වික්‍රමාරාමාධිපති මාතලේ කුසලධම්ම හිමි, කොළඹ ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ මහතා සහ රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන්, ප්‍රදේශවාසීන් සහභාගි වී සිටියහ.

නුවන් කොඩිකාර මැදකොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT