317
ත්‍රිරෝද රථය අද පොදු ප්‍රවාහන මාධ්‍යක් බවට පත්ව තිබේ.සෑම ගමකම ත්‍රීරෝද රථ ගාලක් තිබේ. අප රටට මෙම ප්‍රවාහන මාධ්‍ය පැමිණ අවුරුදු හතළිස් පහකට කිට්ටුය. එහෙත් මේ සඳහා නිසි නියාමනයක් නැත. එහෙත් දැන් රජය ඒ පිළිබඳව අවධානය යොමු කර තිබේ. එහි ප්‍රථම පියවර බවට පත්ව තිබෙන්නේ ත්‍රිරෝද රථ සඳහා මීටරයක් සවි කිරිමය.එමඟින් සිතූ සිතූ ලෙස මගියා ගසා කෑමට තිබෙන හැකියාව නැතිව යයි. එයින් ත්‍රිරෝද රථ රියැදුරන් සහ මගීන් යන දෙපාර්ශ්වයටම සිදුවන්නේ යහපතකි. එනිසා මෙම මීටර් සවිකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුය.
සමන්ත සේනානායක
මොනරාගල