අධ්‍යාපනය, ප්‍රජාව බලමුළු ගැන්වීම සහ උද්දේශනය තුළින් සියලු දෙනාට සමාන අවස්ථාවන් ඇති සාමකාමී සහ යුක්ති සහගත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය පූජ්‍ය පක්ෂය, ප්‍රජා නායකයන්, රජයේ නිලධාරීන්, කාන්තාවන්, තරුණයන් සහ සිසුන් ඇතුළු විවිධ කණ්ඩායම් සමඟ හවුල්කාරීත්වයෙන් ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටු පිහිටුවීමේ සංවිධානයේ දොම්පෙ කමිටුව දොම්පෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මැද්දේගම පෞද්ගලික උත්සව ශාලාවකදී සිදු කෙරිණ.
එම විවිධ අංශයන්ගෙන් පස්දෙනා බැගින් 30 දෙනකු මෙම සංවිධානයට පත් කර ගැනිණ. මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද සහභාගී විය. අනතුරුව එම සංවිධානයේ සභාපති වසන්ත කුමාර මහතා එම පත් කර ගත් සැමට ආගමික නිදහස පිළිබඳ ප්‍රඥප්තිය ප්‍රදානය කළේය. මෙම අවස්ථාවට ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටු සම්බන්ධීකාරක ෆාතිමා ජසින්තා මහත්මිය ද සහභාගී වූවාය.