Home » විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් ගැටලුව ගැන තීරණයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් ගැටලුව ගැන තීරණයක්

by chanaka
April 28, 2024 9:46 am 0 comment

education new

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටලූ‍ව විසඳීමට සාර්ථක ක‍්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලූ‍වක් නිර්මාණය වී ඇත.

2022 ජූනි මස සිට මේ දක්වා මෙම ගැටලූ‍වට අදාළ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ශ්‍රේණි 12 ක් සඳහා මෙම ගැටලූ‍ව විසඳීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක්, ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡුාවකින් පසු 2024.04.01 දින ඉදිරිපත් කර තිබේ.

තවද විශ්ව විද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ගෙවනු ලබන මාසික හිලව් දීමනාව අධ්‍යයන කාර්ය මණ්ඩල දීමනාව සමඟ ප‍්‍රතිශතාත්මකව ගලපා ලැබිය යුතු දීමනාව 2024.01.01 දින සිට අනධ්‍යයන කාර්ය මණඩලයට ලබා දීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද 2024.04.10 දිනැතිව ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යංශය සදහන් කරයි.

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක 2024.05.08 දින අමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT