Home » ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන්

ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන්

by yasara
April 30, 2024 2:37 pm 0 comment

රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද (30)  දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

විජේ බාලක්‍රිශ්ණන් , රම්‍යා නාගර්කෝවිල් , ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි  ගායන ශිල්පීන් පිරිස වූහ .

මෙම පිරිස අද දහවල් 11.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් මෙම පිරිස පිළිගැනීම සිදු කළහ .

මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය .

මේ අතර හෙට  දින ද තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT