Home » 22දා උසා­වි එන්න හිටපු ඇමැති ෆවුසිට නියෝග
වාහ­න­යක් අයථා ලෙස පරිහරණය කිරීමේ නඩුව

22දා උසා­වි එන්න හිටපු ඇමැති ෆවුසිට නියෝග

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

චන්දන ජය­වීර

හදිසි ප්‍රති­චාර ජාලය වැඩි දියුණු කිරී­මට විදේශ ආධාර ලෙස ලැබුණු රුපි­යල් කෝටි 2ක් පමණ වටිනා වාහ­න­යක් අයථා ලෙස භාවිත කිරීමේ වර­දට පවරා ඇති නඩු­වට ලබන මැයි 22දා උසා­විය ඉදි­රියේ පෙනී සිටින ලෙස කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ මහතා ඊයේ (29දා) හිටපු ඇමැති ඒ.එච්.එම්. ෆවු­සිට සිතාසි නිකුත් කළේය.

නඩුව ඊයේ (29දා) කැඳවූ අව­ස්ථාවේ විත්ති­කරු අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී නොසිටි අතර සිය සේවාදාය­ක­යාට චර්ම රෝග­යක් වැලඳී ඇති බවට නීති­ඥ­යන් වෛද්‍ය සහ­තික ඉදි­රි­පත් කරන ලදි.

මෙම නඩුව පසු­ගිය පෙබ­ර­වාරි 5දා අව­ස­න්ව­රට කැඳවූ අව­ස්ථාවේ ජනා­ධි­පති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු විත්තිය වෙනු­වෙන් කරුණු දක්ව­මින් චෝදනා පත්‍රය ඉවත් කර ගැනීම පිළි­බඳ සලකා බලන ලෙස සිය සේවා­දා­ය­කයා අල්ලස් කොමි­ස­මෙන් ඉල්ලී­මක් ඉදි­රි­පත් කර ඇති බව කියා සිටි­යේය. එම ඉල්ලීම ගැන පැමි­ණිල්ලේ ස්ථාව­රය මීලඟ නඩු දින අධි­ක­ර­ණ­යට දන්වන ලෙස විනි­සු­රු­ව­රයා නියෝග කළේය.

2010 වසරේ අගෝ: 14දා හා 2015 වසරේ ජන 20දා අතර කාලය තුළදී ආපදා කළ­ම­නා­ක­රණ ඇමැ­ති­ව­රයා හැටි­යට කට­යුතු කර­මින් ලක් රජ­යට පාඩු කළේය යන චෝද­නාව මත අබ්දුල් හමීඩ් මොහා­මඩ් ෆවුසි යන අයට විරු­ද්ධව නඩු පවරා තිබේ.

ඉන්පසු නීති­ප­ති­ව­රයා විසින් 2022 වසරේ නොවැ: 02දා අධි චෝදනා 4ක් යටතේ චෝදනා ගොනු කර ඇත. ආපදා කළ­ම­නා­ක­රණ ඇමැ­ති­ව­රයා හැටි­යට කට­යුතු කර­මින් නෙද­ර්ල­න්ත­යෙන් පරි­ත්‍යා­ග­යක් ලෙස ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට ලැබුණු කෝටි 2ක් පමණ වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘෘසර් ජීප් රථ­යක් තමා වෙත මුදා හරින ලෙස අමා­ත්‍යාංශ ලේක­ම්ව­රි­යට පොල­ඹව, ඇති බව අල්ලස් හෝ දූෂණ කොමි­සම ඉදි­රි­පත් කළ චෝදනා පත්‍රයේ සඳ­හන්වේ. 2018 අංක 22 හා 1994 අංක 20 දරන පන­ත්ව­ලින් සංශෝ­ධිත 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වග­න්තිය යටතේ අධි­චෝ­දනා 4ක් යටතේ විත්ති­ක­රුට එරෙ­හිව විරු­ද්ධව නඩු පවරා ඇත.

නීතිඥ නටාෂා විජේ­සේ­කර මෙනෙ­විය සමඟ ජනා­ධි­පති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිය වෙනු­වෙන් පෙනී සිටි­යේය. මීලඟ නඩු දිනය මැයි 22දාට නියමිත විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT