Monday, May 12, 2025
Home » මැයි දින­යට පෙළ­පාළි සහ රැලි 40ක් රට පුරා
කොළ­ඹට පොලි­සියේ 6000ක්

මැයි දින­යට පෙළ­පාළි සහ රැලි 40ක් රට පුරා

විශේෂ කාර්ය බළ­කා­යෙන් 350ක්

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

මෙවර ලෝක කම්කරු දිනය නිමි­ත්තෙන් විවිධ දේශ­පා­ලන පක්ෂ­වල මැයි දින රැලි සහ පෙළ­පාළි පොලිස් කොට්ඨාස 19ක, පොලිස් වසම් 35ක් ආව­ර­ණය වන පරිදි පෙළ­පාළි සහ රැලි 40ක් දිව­යින පුරා පැවැ­ත්වෙන බව පොලි­සිය කියයි.ඒ අනුව මැයි රැලි 19ක් සහ මැයි දින පෙළ­පාළි 21ක් සහ සැම­රුම් උත්සව 19ක් පැවැ­ත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කරයි. කොළඹ නග­රයේ පොලිස් නිල­ධා­රීන් 6000ක්,පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් 350කට වැඩි පිරි­සක් යොද­වන අතර අවශ්‍ය වුව­හොත් සහ සුවි­ශේෂී තත්ත්ව­යක් ඇති­වු­ව­හොත් පම­ණක් යුද හමු­දා­වේ ද සහාය යොදා ගැනී­මට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT