Saturday, May 3, 2025
Home » කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළට

by chanaka
April 30, 2024 7:49 pm 0 comment

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අප්‍රේල් මාසය සඳහා 1.5% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය 2024 මාර්තු මාසයේදී වාර්තා වී තිබුණේ 0.9% ක් ලෙසිනි.

2024 අප්‍රේල් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.9% දක්වා අඩු වී ඇති අතර 2024 මාර්තු මාසයේ දී එය 3.8 % ක් ලෙස වාර්තා වී තිබුණි.

එමෙන්ම, 2024 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.9% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මාර්තු මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා වූ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT