මුලතිව් නායාරූ මුහුදේදී පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී අතුරුදහන්ව ඇති අත, ඉන් එක් අයකු නාවික හමුදාව හා පළාතේ ධීවරයන් එක්ව පෙරේදා (28) බේරාගෙන තිබේ.
පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝදයට මුහුදේ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබුණු අතර, ඉතිරි තිදෙනා කෑ කෝ ගසා ඒ බව අවට සිටි පිරිසට දැනුම්දීමෙන් පසුව නාවික හමුදාව හා ධීවරයන් සිය යාත්රා යොදාගෙන මුහුදේ ගිලී අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයකුගේ මෙසේ බේරා ගෙන ඇත.
දිවි බේරුණු පුද්ගලයා ද මුහුදෙන් ගොඩට ගන්නා විට සිහිසුන්ව සිටි නිසා ඔහුව නාවික හමුදා යාත්රාවක ආධාරයෙන් ත්රිකුණාමලයට රැගෙන ගොස් රෝහල් ගත කොට තිබේ. අතුරුදන් වූ පුද්ගලයා සෙවීම පිණිස නාවික හමුදාව නායාරූ ධීවරයන්ගේ ද සහාය ඇතිව මෙහෙයුමක් දියත් කොට තිබේ. මෙසේ අතුරුදන්ව අැත්තේ යාපනය කොඩිගාමම් ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකි. නායාරූ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.