Saturday, May 10, 2025
Home » හක්මණ ඇල්ල­වෙල සොරොව්වේ බාධක ඉවත් කෙරේ

හක්මණ ඇල්ල­වෙල සොරොව්වේ බාධක ඉවත් කෙරේ

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

අකු­රැස්ස මධ්යම විශේෂ - විජිත සල්ගාදු

හක්මණ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් ඇල්ල­වෙල ජලා­ශයේ සොරොව්වේ පව­තින බාධ­ක­යන් ඉවත් කිරීම නාවික හමුදා කිමි­දු­ම්ක­රු­වන් විසින් සිදු කරන ලදි.

පව­තින බාධක හේතු­වෙන් ජලය නිසි­යා­කා­රව බැහැර නොවී­මෙන් 2024 යල කන්නයේ කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා ජලය මුදා­හැ­රීම ගැට­ලු­කාරී තත්ත්ව­යක පැවති අතර එම බාධා­වන් නිරී­ක්ෂ­ණය කර ඒවා ඉවත් කිරී­මට නාවික හමුදා කිමි­දු­ම්ක­රු­වන්ගේ සහාය ලබා දීමට අදාළ සම්බ­න්ධී­ක­රණ කට­යුතු මාතර දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ සම්බ­න්ධී­ක­රණ ඒක­කය මඟින් සිදු කෙරිණි.

ප්‍රාදේ­ශීය වාරි­මාර්ග ඉංජි­නේරු කාර්යා­ලයේ ඉල්ලීම පරිදි නාවික හමුදා මූල­ස්ථා­නය හා සම්බන්ධ වෙමින් සොරොව්වේ පව­තින බාධ­ක­යක් ඉවත් කිරීම තුළින් හක්මන – ඇල්ල­වෙල ව්‍යාපා­ර­යට අයත් කුඹුරු අක්කර 1300ක් වගා කරන ගොවීන් සඳහා සෙත සැලසේ. මාතර ප්‍රාදේ­ශීය වාරි­මාර්ග ඉංජි­නේරු කාර්යා­ලයේ මෙහෙ­ය­වීම යටතේ අදාළ කට­යුතු ක්‍රියා­වට නැංවිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT