Home » ව්‍යාජ බීඩි නිප­දවා අලෙවි කර වරද පිළි­ගත් සැක­ක­රුට දඩ

ව්‍යාජ බීඩි නිප­දවා අලෙවි කර වරද පිළි­ගත් සැක­ක­රුට දඩ

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක එස්. දීය­ග­හගේ

බුද්ධි­මය දේපළ පිළි­බඳ කාර්යං­ශයේ ලියා පදිංචි නීත්‍යා­නු­කුල වෙළෙඳ ලාංඡන ව්‍යාජ ලෙස මුද්‍ර­ණය කොට නිෂ්පා­ද­නය කරන ලද ව්‍යාජ තෝර බීඩි සහ විජය බීඩි අලෙවි කිරීම සම්බ­න්ධ­යෙන් වරද පිළි­ගත් විත්ති­ක­රු­ව­කුට බර­ප­තළ වැඩ සහිත වස­රක සිර දඬු­ව­මක් සහ එක් චෝද­නා­ව­කට රුපි­යල් හත­ළිස් දහස බැගින් රුපි­යල් අසූ දහ­සක දඩ­යක් ද වින්දිත පාර්ශ්ව­යට රුපි­යල් විසි දහස බැගින් රුපි­යල් හත­ළිස් දහ­සක වන්දි­යක් ද ගෙවී­මට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මාර මහතා සිර දඩු­වම වසර පහ­කට අත්හි­ටු­වනු ලැබීය.

දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙ­වන්නේ නම් තවත් මාස තුන බැගින් ද සිර දඬු­වම් ද විත්ති­ක­රුට නියම කෙරිණි.  මෙසේ සිර දඬු­වම් සහ දඩ නියම ලැබුවේ අක්මී­මන, වල­හ­න්දුව, ගිනි­ග­ල්තු­ඩුව හිරු­වත්ත කංකා­නම්ගේ චමීර සඳ­රු­වන් නමැති ව්‍යාපා­රි­ක­ය­කු­ටය. තමන් රජ­යට විශාල ලෙස බදු ගෙව­මින් නීත්‍යා­නු­කූල ලෙස බීඩි නිෂ්පා­ද­නය කරනු ලබන බවත් තම ආය­ත­නයේ ලාංඡන භාවිත කර­මින් නිෂ්පා­ද­නය කරන ලද ව්‍යාජ තෝර බීඩි සහ විජය බීඩි විත්ති­කරු විසින් අලෙවි කරන බවත් පවසා මීග­මුව, පිටි­පන තෝර බීඩි කර්මාන්ත ශාලාවේ බෙදා හැරීමේ කළ­ම­නා­ක­රු­වන දෙහි­ව­ලගේ ජීවක ලසන්ත පෙරේරා යන අය විසින් ගාල්ල පොලි­සි­යට පැමි­ණිලි කර තිබිණ. ඒ අනුව උපාය දූත­යකු යොදවා බීඩි මිලට ගෙන, පොලි­සිය ගොස් ව්‍යාජ තෝර බීඩි 20 බැගින් අඩංගු බණ්ඩල් 63ක් ද ව්‍යාජ විජය බීඩි 20 බැගින් අඩංගු බණ්ඩල් 33ක්ද විකි­ණීම සඳහා සන්ත­කයේ තබා­ගෙන සිටි­යදී සැක­කාර ව්‍යාපා­රි­කයා අත්අ­ඩං­ගු­වට ගෙන ශ්‍රී ලංකා බුද්ධි­මය දේපළ පිළි­බඳ කාර්යං­ශයේ ලියා­ප­දිංචි තෝර බීඩි ලාංඡ­නය සහ විජය බීඩි ලාංඡ­නය භාවිත කර­මින් ව්‍යාජ බීඩි නිෂ්පා­ද­නය කොට අලෙවි කිරීමේ චෝද­නාව යටතේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදි.  ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සතිස් ගමගේ මහ­තාගේ උප­දෙස් පරිදි මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක එස්.එස්. ජය­වීර මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පුලස්ති සොයිසා උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන උදය කාන්ත, ප්‍රේම­කු­මාර යන මහ­ත්ව­රුන් විසින් විත්ති­කරු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කොට පැමි­ණිල්ල මෙහෙ­ය­වනු ලැබිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT