Home » ජාතික නාමල් උයන සුරැකීමේ මාධ්‍ය මෙහෙවරේ නියමුවාට උපහාර සමාචාර

ජාතික නාමල් උයන සුරැකීමේ මාධ්‍ය මෙහෙවරේ නියමුවාට උපහාර සමාචාර

by sachintha
May 1, 2024 1:32 am 0 comment

තිස් තුන් වසරක සංවත්සරය සමරන ජාතික නාමල් උයන සඳහා එහි ආරම්භයේ සිට මේ දක්වා ජනමාධ්‍ය මඟින් ලබාදුන් සේවයට උපහාර පිණිස මුද්‍රිත සහ විදත් මාධ්‍ය සඳහා හරසර ප්‍රණාම දැක්වීමේ උත්සවයක් ඊයේ සන්ධ්‍යාවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව සභාවේදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සහ අගමැතිවරයා, ප්‍රවීණ පුවත්පත් කතුවර එඩ්මන්ඩ් රණසිංහ මහතා සමඟ සුහද කතාබහක යෙදී සිටි අයුරු.

ජාතික නාමල් උයන සුරැකීම ආරම්භයේ සිටම වනවාසී රාහුල හිමියන් සඳහා අනුග්‍රහය දක්වමින් කටයුතු කළ එඩ්මන්ඩ් රණසිංහයන් ද අගයමින් මෙම අවස්ථාවේදී විශේෂ සම්මානයක් පිරිනමනු ලැබීය.

ඡායාරූපය – රුක්මාල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT