321
මාධ්‍යවේදිනී රසිකා සෝලංගආරච්චිගේ නවතම කෘතිය වන ‘පෙරඹර කළුවර’ නවකතාව මේ මස 03 වැනිදා සවස 2.00ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එළිදකී.
ටෙලිනාට්‍ය අධක්‍ෂ රවීන්ද්‍ර විජේරත්න,කිවිවර තිස්ස නිහාල් වික්‍රමසිංහ එදින කෙටි දෙසුම් පවත්වති. මෙය ඇගේ හත්වන කෘතිය වන අතර සිව්වැනි නවකතාවයි.යටත්විජිත යුගයේ සියනෑ කෝරලයේ කරත්තකරුවන්ගේ ජීවිතය පසුබිම් කරගත් සමාජ ආර්ථික පෙරළියක් පිළිබඳ ලියැවුණු නවකතාවක් වන Òපෙරඹර කළුවරÓ සූරිය ප්‍රකාශනයකි.