Home » රුසියානු විපක්ෂ නායකයා ඝාතනයට පුටින් නියෝග කර නෑ – අමෙරිකානු බුද්ධි අංශය කියයි

රුසියානු විපක්ෂ නායකයා ඝාතනයට පුටින් නියෝග කර නෑ – අමෙරිකානු බුද්ධි අංශය කියයි

by sachintha
May 1, 2024 1:14 am 0 comment

බන්ධනාගාරගත වී සිටියදී මිය ගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඝාතනය කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සැලසුමක් නොතිබූ බවට විශ්වාස කරන්නේ යැයි අමෙරිකාවේ බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාවේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්‘ පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ නියත වශයෙන්ම ඇලෙක්සි නවාල්නි ඝාතනය කිරීමට පුටින් නියෝග නිකුත් කර නැති බවය.

බුද්ධි නිලධාරින් විසින් සොයාගනු ලැබූ තොරතුරු අමෙරිකාවේ සීඅයිඒ, රාජ්‍ය දෙපාර්තමේන්තු බුද්ධි ඒකකය ජාතික ආරක්ෂක අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය ඇතුළු බුද්ධි අංශ සමඟ හුවමාරු කරගෙන ඇතැයි ද වාර්තා වේ. රුසියානු විපක්ෂ නායකයාගේ මරණයට ව්ලැදිමිර් පුටින් වගකිව යුතු බවට එවකට අමෙරිකානු රජය විශ්වාස කර ඇති අතර, මේ වාර්තාවත් සමඟ එම විශ්වාසය බලපෑමට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT