Home » පලස්තීන හිතවාදී සරසවි සිසුහු නිව්යෝක් විශ්වවිද්‍යාලයීය ගොඩනැඟිල්ලක් අත්පත් කර ගනිති

පලස්තීන හිතවාදී සරසවි සිසුහු නිව්යෝක් විශ්වවිද්‍යාලයීය ගොඩනැඟිල්ලක් අත්පත් කර ගනිති

by sachintha
May 1, 2024 1:15 am 0 comment

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ප්‍රහාරවලට එරෙහිව අමෙරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල දින ගණනාවක සිට පැතිරී යන පලස්තීන හිතවාදී විරෝධතා දරුණු අතට හැරී ඇතැයි ද, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සිසු සිසුවියන් නිව්යෝක් නුවර කොලම්බියා විශ්වවිද්‍යාලයීය ගොඩනැඟිල්ලක් අත්පත් කරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟම අදාළ සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කිරීමට බලධාරින් පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ අතර පෝට්ලන්ඩ් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සිය භාරයට ගෙන එහි සිසු සිසුවියන් විරෝධතාවක නිරතවන බවත්, ඔවුන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පොලිසියෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

විරෝධතාවලට එක්වන සිසු සිසුවියන්ගේ විශ්වවිද්‍යාල අවසර පත්‍රය අත්හිටුවන බවට අනතුරු ඇඟවුවද එය නොතකා දහස් ගණනක සිසුසිසුවියන් එම විරෝධතාවට එක්වී සිටි බවත්, මේ වන විට දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT