Home » නයිජීරියාවේ අධික වර්ෂාවෙන් කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පලා යති

නයිජීරියාවේ අධික වර්ෂාවෙන් කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පලා යති

by sachintha
May 1, 2024 1:16 am 0 comment

නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටීමෙන් පසු එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව ද වාර්තා වේ.

පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බන්ධනාගාර ගොඩනැඟිලි ඉතා පැරැණි බවත්, එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ බවත් සුලේජා ප්‍රාන්තයේ පිහිටි එම බන්ධනාගාරයේ ප්‍රධානින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT