Home » දේවස්ථානයක වෙඩි ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 6ක් මරුට

දේවස්ථානයක වෙඩි ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 6ක් මරුට

by sachintha
May 1, 2024 1:17 am 0 comment

නාඳුනන තුවක්කුකරුවක් විසින් බටහිර ඇෆ්ගනිස්තානයේ හිරාත් ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයකට තබනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව එරට රජයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයි වාර්තා වේ. වෙඩි ප්‍රහාරයට ලක්වි ඇත්තේ ඉස්ලාම් දේවස්ථානය තුළ නැමදීමේ කටයුතුවල නිරතව සිටි බැතිමතුන් බව ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් මටීන් මාධ්‍යයට සඳහන් කර තිබේ.

මිය ගිය පිරිස අතර දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. වෙඩි ප්‍රහාරය හෙළා දකිමින් කාබුල් නුවර ඉරාන තානාපති කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිදු පාර්ශ්වයක් වගකීම භාරගෙන නැතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT