Sunday, May 11, 2025
Home » වරාය නගරයේ ව්‍යාපාර ආකර්ෂණයට CHEC Port City Colombo සහ EDB අවබෝධතා ගිවිසුමක

වරාය නගරයේ ව්‍යාපාර ආකර්ෂණයට CHEC Port City Colombo සහ EDB අවබෝධතා ගිවිසුමක

by sachintha
May 1, 2024 1:46 am 0 comment

කොළඹ වරාය නගරය වෙත අපනයන අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ආචාර්ය කිංස්ලි බර්නාඩ් සහ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොන්ග් ෆෙන්ග් මහත්වරුන් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් හොන්ග් ෆෙන්ග් මහතා මෙලෙස සඳහන් කළේය.

“මේ කොළඹ වරාය නගරය කලාපීය සැපයුම්/ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සහ මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත් ඉදිරි පියවරක්. එනිසා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ මේ විශේෂ හවුල්කාරීත්වය ඇති කර ගැනීමට ලැබීම ගැන සතුටට පත්වෙනවා. දකුණු ආසියාවේ හදවත බඳු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මේ ආයතනවලට අවස්ථාව සලසා දෙනවා. අපනයනය ඉලක්ක කර ගත් ව්‍යාපාර සඳහා ක්‍රමෝපායික ස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට මේ සහයෝගීතාවෙන් හැකි වෙනවා.”

ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා

“මේ සහයෝගීතාව ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාවට හැරවුම් ලක්ෂයක් වෙනවා. මෙයින් දේශීය අපනයනකරුවන්ට ඇති ආකර්ෂණීය මූල්‍ය, මූල්‍ය නොවන ප්‍රතිලාභ සහ අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමටත්, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ ඔවුන්ගේ අදාළ වෙළෙඳ/ මිලදී ගැනීමේ කාර්යාල මෙහෙයුම් ස්ථාපිත කිරීමටත් උපකාරී වෙනවා.

කොළඹ වරාය නගරයට සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට මේ විශේෂ ආර්ථික කලාපය අපනයනය ඉලක්ක කර ගත් ව්‍යාපාර සඳහා ආකර්ෂණීය වාණිජ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉඩ සැලසෙනවා. ඒ අනුව කොළඹ වරාය නගරයෙන් මැදපෙරදිග, ආසියා-පැසිෆික් සහ දකුණු ආසියාව ඇතුළු ගෝලීය වෙළෙඳපොළ වෙත සෘජු ප්‍රවේශය දෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අනාගත ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය විශේෂඥතාව සහ සහාය දෙනවා.”

කොළඹ වරාය නගරය දකුණු ආසියානු කලාපයේ ආකර්ෂණීය උපාය මාර්ගික සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට දෙපාර්ශ්වය එක්ව අනාගතයේදී කටයුතු කරනු ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT