Home » මෙරට UNDP වැඩසටහන සහ කොළඹ කොටස් හුවමාරුව අවබෝධතා ගිවිසුමකට

මෙරට UNDP වැඩසටහන සහ කොළඹ කොටස් හුවමාරුව අවබෝධතා ගිවිසුමකට

by sachintha
May 1, 2024 1:47 am 0 comment

තිරසර මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ හැකි උපරිමයෙන් සම්බන්ධ කර ගැනීම අරමුණු කර ගත් හවුල්කාරිත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ කොළඹ කොටස් හුවමාරුව අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

ව්‍යාපාර උපායමාර්ගයේ මූලික අංගයක් ලෙස තිරසරත්වයට ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ නායකත්වය සඳහා සහාය දැක්වීම සහ ඔවුන් දිරිමත් කිරීම මේ හවුල්කාරිත්වයේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

මේ සහයෝගිතාව පුද්ගලික අංශයට විශේෂයෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර පද්ධති සහ ක්‍රියාවලි සඳහා තිරසර සංවර්ධන ඉලක්ක ඇතුළත් කිරීමට ක්‍රියාකාරීව සහාය වීම සහ සම්බන්ධ කර ගැනීම අරමුණු කරන අතර, මැනිය හැකි සහ තහවුරු කළ හැකි දායකත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපාරික තීරණ තිරසර සංවර්ධන ඉලක්ක කෙරෙහි සමස්ත ධනාත්මක බලපෑම් ඇති කරන බව ද එය සහතික කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිල්ෂාන් වීරසේකර සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා මහත්ම මහත්මීන් මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, වාණිජ කටයුතු – ජ්‍යෙෂ්ඨ උප සභාපති පුන්‍යමාලි සපරමාදු, වාණිජ කටයුතු – කනිෂ්ඨ විශ්ලේෂක යසුරි තෙන්නකෝන් සහ නීතිමය කටයුතු සහ බලාත්මක කිරීම් – කනිෂ්ඨ නීති නිලධාරිනී දෙව්නි ගලබඩ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තිරසර වර්ධන කණ්ඩායමේ ප්‍රතිපත්ති විශේෂඥ සහ කණ්ඩායම් නායිකා දුලනි සිරිසේන සහ එම කණ්ඩායමේ ආර්ථික විද්‍යාඥ – නවෝත්පාදක මූල්‍ය සහකාර හක්ෂලා ඩේවිඩ් මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT