ශ්‍රී ලාංකික විචිත්‍රත්වය මෙන්ම දේශීය අනන්‍යතාව ලොවට කියාපාන “Sri Lanka in Focus 2024” ඡායාරූප ප්‍රදර්ශනය අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී මේ ඡායාරූප ප්‍රදර්ශනය පැවති අතර, නිව්යෝර්ක් මූලික කර ගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලොස් ඇන්ජලීස් හි අමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) එක්ව මෙය සංවිධාන කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, වන සතුන් සහ පොහොසත් උරුමයන් ග්‍රහණය කර ගන්නා ඡායාරූප 80කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනයට එක් කර තිබේ. පසුගිය 25 වැනිදා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් ප්‍රදර්ශනය විවෘතව පැවති අතර, 26 වැනිදා මහජන දිනය ලෙස නම් කර තිබිණි.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මහා මණ්ඩලයේ සභාපති, තානාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් මහතා එක්ව තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා ද ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව ඇත.
මහින්ද අලුත්ගෙදර