රත්තොට, දන්කන්ද, වැල්ගාගයායේ නිවෙසකට පතිතවූ අකුණු සැරකින් එම නිවෙසේ සිටි එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙක් මිය ගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (29) රාත්‍රි 7.00ට පමණය.
වයස අවුරුදු 23ක් වන එන්.ඒ.ජී.ඩී. ප්‍රබෝධ ගුණරත්න සහ වයස අවුරුදු 12ක් වන එන්.ඒ.ජී.ඩී. ඕෂධි ගුණරත්න යන සහෝදරයාත් සහෝදරියත් මෙසේ මියගොස් ඇත. 12 හැවිරිදි සහෝදරිය පාසල් සිසුවියක් බව පොලිසිය කියයි. ඇය රත්තොට දන්කන්ද විද්‍යාලයේ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියාය.
මෙසේ අකුණු සැරෙන් මියගොස් ඇත්තේ එම පවුලේ වැඩිමහල් පුතා සහ බාල දියණිය බව රත්තොට පොලිසිය සඳහන් කළේය.
අකුණු සැර නිවෙසට පතිතවන විට මිය ගිය සහෝදරයාත් සහෝදරියත් හැරුණු කොට පවුලේ මද්දුමයා වන තවත් සහෝදරයකුත් පියාත් සිට ඇත. ඒ අයට අකුණු සැරෙන් හානියක් සිදුව නැත.
මෙම අකුණු සැර නිවෙසට පතිත වී ඇත්තේ ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවක් ද සමඟිනි. අවට නිවාස රැසක විදුලි මීටර් හා විදුලි බල්බ් මෙන්ම රූපවාහිනී ඇතුළු විදුලි උපකරණවලට මෙම අකුණු සැරෙන් හානි වී ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කළහ.
අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව අනතුරට පත් වූ දෙදෙනා රත්තොට රෝහල වෙත ඇතුළත් කර ඇත. රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත.
Òමම රාත්‍රී කෑම සාදා පොඩි දුවට කවා අනික් පුතාලා දෙන්නටත් කන්න කියලා පොඩි දුවත් සමඟ ගෙදර සාලයට ගියා. ලොකු පුතා දොර වහන්න ගියා විතරයි, එකපාරම ගේ ඇතුළට ගිනි බෝලයක් වගේ ආවා. පොඩි දුවයි ලොකු පුතයි එකවරම බිම ඇද වැටුණාÓ යැයි මෙම අනතුරින් මියගිය දරුවන් දෙදෙනාගේ පියා වන එන්.ඒ. ගුණරත්න මහතා පැවසීය.
‘එදින සවස පහට පමණ අකුණු ගසමින් විශාල වැස්සක් අප ප්‍රදේශයට පතිත වුණා. ඒ නිසාම මම කලින් රෑට කන්න බත් ටික හැදුවා පොඩි දුව බඩගිනියි කියපු නිසා මම ඇයට කන්න දුන්නා. මගේ බිරිය ඇඟලුම් කම්හලක වැඩ කරන්නේ. ඇය එද්දි රෑ වෙන හින්දා හැමදාම මම තමයි උයන්නේ මටත් කොහෙවත් යන්න එන්න බෑ මගේ කකුලක් පණ නැති වෙලා හින්දා.
වෙනදා වගේම ලොකු පුතයි දෙවැනි පුතයි පොඩි දුවයි හවස නිවෙසේ කතා කර කර හිටියා. දෙවැනි පුතා කාමරයට ගිහින් හිටියේ වැස්සයි අකුණු සැරයි නිසා. කලින්ම කාලා නිදාගන්න කියලා මම කට්ටියට කීවා. ඒත් පුතාලා දෙන්න පස්සේ බත් කන්නන් කිව්ව නිසා පොඩි දුවට මම බත් කැව්වා.
අනේ මහත්තයෝ අපි හරි අසරණයි අපිට රජයෙන් කියල කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. මම අබ්බගාතයි නෝනා ගාමඩ් ගිහිල්ලා හම්බ කරන එකෙන් තමයි අපි හතර දෙනාම ජීවත් වෙන්නේ. අපි මොන වරදක් කළාට ද මෙහෙම දෙයක් වුණේÓ යැයි හැඩූ කඳුලින් ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මාතලේ මධ්‍යම සමූහ සහ උකුවෙල සංචාරක