Home » රටේ වෙනසක් ඇති කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නෑ

රටේ වෙනසක් ඇති කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නෑ

by sachintha
May 1, 2024 1:58 am 0 comment

පවතින ක්‍රමයේ වෙනසක් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට බෙලිඅත්ත ඕකෙවෙල උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට පෙරේදා(29) එක්වෙමිනි.

බොරු මාක්ස්වාදී,කොමියුනිස්ට්වාදී,ෆැසිස්ට්වාදී,අන්ත සමාජවාදී නායකයන්ට නොරැවටෙන ලෙසත් ඔවුන් රජයේ පාසල්වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාදීමට අකැමැති වුවත් ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්,පෞද්ගලික පාසල්,ජාත්‍යන්තර විශ්වවිද්‍යාවල හා පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා බවත් එහෙත් රටේ අනෙකුත් දරුවන්ට සහ තරුණයන්ට ඒවා අකැප වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට අවශ්‍ය වැඩ කරන නායකයන්.ලස්සන වචන කියමින් මනස සනසන නායකයන්ගෙන් රටට වැඩක් නැති බවත් ක්‍රමයේ වෙනස් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නොවන බවත් සමඟි ජන බලවේගය ක්‍රම දෙකකින් ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනසක් ඇති කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වරක් බොරුවකට රැවටී රටම බංකොලොත් වී ඇති මේ වන විට ඇ:ඩොලර් බිලියන 100කට වඩා අපි දේශීය හා විදේශීය ණය වී ඇති බවත් මින් ගොඩඒමට නම් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, දැනුම පදනම් කර ගත් අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

76 වසරක ඉතිහාසයේ විපක්ෂයේ සිට වැඩක් කළ එකම පක්ෂය සමඟි ජන බලවේගය බවත් වෙන කිසිම විපක්ෂයක් ජනතාව වෙනුවෙන් මේ තරම් වැඩ කොටසක් ඉටු නොකළ බවත් එසේ වැඩ නොකළ අය සිස්ටම් චේන්ජ් කරනවායැයි කීම විහිළුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පෞද්ගලික පාසල්වල දරුවන්ට මේ ගැටලු නැති බවත් මේ වරද නිවැරදි කළ යුතු බවත් රැල්ලට යන ගමන දැන්වත් නතර කළ යුතු බවත් දරුවන් ගැන අනාගතය ගැන සිතා කටයුතු කළයුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT