Thursday, May 15, 2025
Home » අහුන්ගල්ල පොදු වෙළෙඳපොළ ළඟ ළමා උයන කසළ අංගණයක් වෙලා

අහුන්ගල්ල පොදු වෙළෙඳපොළ ළඟ ළමා උයන කසළ අංගණයක් වෙලා

by sachintha
May 1, 2024 1:00 am 0 comment

බළපිටිය ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන අහුන්ගල්ල පොදු වෙළෙඳපොළ පසුපස පිහිටි ළමා ක්‍රීඩාංගණය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. කාලයක් තිස්සේ පවිත්‍ර නොකිරීම හේතුවෙන් මෙම ක්‍රීඩාංගණය කැලෑවෙන් වැසී යන අයුරු දක්නට ලැබේ. එමෙන්ම මෙම ළමා ක්‍රීඩාංගණය තුළ පොලිතින්, ප්ලාස්ටික් හා කසළ ගිනි තබා පුලුස්සා තිබෙන අයුරු ද දැක ගත හැකිය. මේ හේතුවෙන් මෙය ළමයින්ට ක්‍රීඩා කිරීමට සුදුසු පරිදි සකස් කර දෙන ලෙස මව්පියෝ ඉල්ලා සිටිති.

මේ පිළිබඳව බළපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් සුරංගි දේශප්‍රිය මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙම ළමා ක්‍රීඩාංගණය එතරම් භාවිතයට නොගන්නා බවත් වෙළෙඳුන් සහ ප්‍රදේශවාසීන් ප්ලාස්ටික්, පොලිතින් හා කසළ පුලුස්සන බව දැනගන්නට ලැබී ඇති බවත්, ඉදිරියේදි සේවක පිරිස යොදවා පිරිසුදු කොට ක්‍රීඩා කිරීමට සුදුසු පරිදි සකස් කරන බවත්ය.

 

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT