බළපිටිය ප්රාදේශීය සභාව මගින් පාලනය වන අහුන්ගල්ල පොදු වෙළෙඳපොළ පසුපස පිහිටි ළමා ක්රීඩාංගණය ප්රයෝජනයට ගත නොහැකි තත්ත්වයක පවතින බව ප්රදේශවාසීහු පෙන්වා දෙති. කාලයක් තිස්සේ පවිත්ර නොකිරීම හේතුවෙන් මෙම ක්රීඩාංගණය කැලෑවෙන් වැසී යන අයුරු දක්නට ලැබේ. එමෙන්ම මෙම ළමා ක්රීඩාංගණය තුළ පොලිතින්, ප්ලාස්ටික් හා කසළ ගිනි තබා පුලුස්සා තිබෙන අයුරු ද දැක ගත හැකිය. මේ හේතුවෙන් මෙය ළමයින්ට ක්රීඩා කිරීමට සුදුසු පරිදි සකස් කර දෙන ලෙස මව්පියෝ ඉල්ලා සිටිති.
මේ පිළිබඳව බළපිටිය ප්රාදේශීය සභාවේ ලේකම් සුරංගි දේශප්රිය මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙම ළමා ක්රීඩාංගණය එතරම් භාවිතයට නොගන්නා බවත් වෙළෙඳුන් සහ ප්රදේශවාසීන් ප්ලාස්ටික්, පොලිතින් හා කසළ පුලුස්සන බව දැනගන්නට ලැබී ඇති බවත්, ඉදිරියේදි සේවක පිරිස යොදවා පිරිසුදු කොට ක්රීඩා කිරීමට සුදුසු පරිදි සකස් කරන බවත්ය.
අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්